නවතම පුවත්

ඕස්ට්‍රේලියාවේදී ලාංකික තරුණියක අනතුරකින් මරුට

අසංක

අසංක

ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් ශ්‍රී ලාංකික සිසුවියක වන නිසලි පෙරේරා තරුණිය කිසියම් පුද්ගලයකු විසින් තම මෝටර් රථයෙන් හප්පා පලාගොස් තිබේ.

ඊයේ රාත්‍රි 9.45ට පමණ වූ මෙම අනතුරින් මියගිය ලාංකික තරුණිය 20 හැවිරිදි අයෙකි.

අනතුර සිදුවී තිබුණේ වෙලිංටන් පාර ක්ලේටන්හිදී ය.

මාර්ගය අයිනේ ඇය ඇවිදිමින් සිටියදී වේගයෙන් ආ අඳුරු පැහැති සෙඩාන් රථයේ ඇය ගැටෙන අයුරු සීසීටීවී කැමරා පටයක සටහන් වී ඇත.

වාහනයේ ගැටීමෙන් පසුව එම රථය අනතුර වූ ස්ථානයට මීටර් 700ක් පමණ දුරින් පිහිටි පැරණි දේවස්ථානයකට යන මාර්ගයක අතහැර දමා ගොස් ඇත.

ඝාතකයා හඳුනාගැනීමට මෙල්බර්න් පොලීසිය මහජන සහාය පතයි.

පසුගිය වසරේදී මොනෑෂ් සරසවියට ව්‍යාපාර කළමනාකාරණය පිළිබඳ අධ්‍යයනයට පැමිණි ඇය එහි දීප්තිමත් සිසුවියක බව සරසවි මිතුරු මිතුරියෝ පවසති.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි