රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සෙවීමේ කොමිසමේ අලුත්ම වාර්තාව ලබන සතියේ

Picture of අසංක

අසංක

වත්මන් රජය සමයේ , රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමේ නවතම වාර්තාව මේ එළඹෙන සතියේදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත්කිරීමට සැලසුම් කර ඇත.

එම වාර්තාව සකස් කිරීමේ කටයුතු මේ වනවිටත් අවසන්වෙමින් පවතින බවත් සාක්ෂි විමසීම සිදු කරන පැමිණිලි 20 ක් සම්බන්ධයෙන් තොරතුරු එහි අන්තර්ගත කිරීමට නියමිත බවත් කොමිසමේ ප්‍රකාශිකාවක පැවසුවාය.

ඒ අතර කෘෂිකර්ම අමාත්‍යංශයට බදු පදනම මත ගොඩනැගිල්ලක් ලබා ගැනීම, පිළිකා නාශක ඖෂධ ගෙන්වීමේදී සිදු වූ අක්‍රමිකතා, නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමකින් තොරව රජයේ මුදල් වැය කිරීම මෙන්ම මහාමාර්ග අධිකාරියට දේශපාලන හිතවත්කම් මත සේවකයින් බඳවා ගැනීමේ සිද්ධි සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලිවල විමර්ශන ඇතුළත් වේ.