වතිකානුවේදී විදුලි සෝපානයක් ක්රියා විරහිත වීම නිසා මිනිත්තු 25 ක පමණ කාලයක් ඒ තුළ සිරවී සිවීමට ෆ්රැන්සිස් පාප්තුමන්ට සිදුව ඇත.
මේ හේතුවෙන් අද (02) දින ශාන්ත පීතර චතුරශ්රයේ දේව මෙහෙයටද පාප්තුමන් සහභාගිවී ඇත්තේ විනාඩි දහයක් ප්රමාදවීය .
තමන් විනාඩි 25ක් පමණ විදුලි සෝපානයේ සිරවී සිටි බව පාප් තුමන් පසුව දේව මෙහෙය අතරතුර අනාවරණය කර ඇත.
තම ප්රමාදයට , රැස්ව සිටි ජනතාවගෙන් සමාව ඉල්ලීමටද පාප්තුමන් කටයුතු කර ඇත.
එසේම තමා බේරා ගැනීමට වතිකානු ගිනිනිවන භටයින් ගේ සහය ලැබුණු බවද පාප්තුමා මෙහිදී ප්රකාහ කර ඇත.