පාස්කු දින ප්‍රහාරයෙන් මෙරට දේවස්ථාන තුල මියගිය පුද්ගලින් සාන්තුවරයට එසවීමේ යෝජනාව ෆ්‍රැන්සිස් පාප් තුමන් වෙත ඉදිරිපත් කිරීමට ඉතාලියේ රදගුරු මණ්ඩලයේ සභාපති ගුවල්ටියරෝ කාදිනල් බසෙට්ටි එකඟතාව පළකර ඇත.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුල පාප් තුමන් හමුවී මෙම යෝජනාව එතුමන් හට ඉදිරිපත් ක්රීමටද කාදිනල්තුමන් අපේක්ෂා කරන බව උන්වහන්සේගේ මාධ්‍ය ප්‍රකාශකයකු සඳහන් කර ඇත.
කාදිනලතුමන් මෙරට කල සංචාරය අතරතුරදී මෙරට කතෝලික පූජකවරු මෙන්ම කතෝලික ජනතාව වෙතින්ද මෙම යෝජනාව විශේෂයෙන් මතුවුණු බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත.