නවතම පුවත්

දරුවකුගේ අනාගතය තීරණය කරන්නේ ගුරුවරයා – ජනපති

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දරුවා විෂය ප‍්‍රවීණයෙකු මෙන්ම මානවවාදී බවින් පිරිපුන් , සදාචාරවත් දරුවෙකු ලෙස බිහි කිරීමට ගුරුවරයා මැදිහත් විය යුතු බව ජනාධිපතිවරයා පවසයි. දරුවෙකුගේ අනාගතය තීරණය වන්නේ ගුරුවරයාගෙන් බැවින් දරුවන් සම්බන්ධ තීන්දු තීරණ වලදී ගැඹුරු අවබෝධයෙන් සහ මනුෂ්‍යත්වය පෙරටුකොට ගත යුතු බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ අද (02) කොළඹ පදනම් ආයතනයේ පැවති බස්නාහිර පළාත් උපාධිධාරි ගුරු පත්වීම් ප‍්‍රදානෝත්සවය අමතමිනි.

2019 ජූනි මාසයේ දී පවත්වන ලද ගුරු තරග විභාගයට පෙනි සිටි 15,000ක් අයදුම්කරුවන් අතරින් පළමු වටය සදහා 587 දෙනෙකු සදහා මෙලෙස ගුරු පත්වීම් ප‍්‍රදානය කෙරිණි.

එම අවස්ථාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ උගත් සමාජයක් බිහි කර සියලූ දෙනාට සමාන අවස්ථා ලබා දී සමාජ සාධාරණත්වය තහවුරු කිරිම රජයේ අරමුණ බවයි.

ගුරු භූමිකාවේ පෞරුෂත්වයත්,  විශ්වාසයත්, පැවැත්මත්, තහවුරු වීමට නම් තාක්ෂණික යුගයේ ගුරුවරයාගේ දැනුම ද ඊට අනුසාරීව යාවත්කාලීන කර ගැනීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

ගුරු පත්වීම් ප‍්‍රදානය සංකේතවත් කරමින් දහදෙනෙකු වෙත පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්