මහාචාර්ය කාලෝගේ දේහය රාගම වෛද්‍ය පීඨයට

Picture of අසංක

අසංක

අභාවප්‍රාප්ත මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ දේහය කිසිදු අවමගල්‍ය උත්සවයකින් තොරව රාගම වෛද්‍ය පීඨය වෙත බාරදීමට ඥාතීන් පියවර ගත් බව ඔහුගේ බෑණා වන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

ඒ මහාචාර්යවරයාගේ අවසන් කැමැත්ත පරිදි ය.

ඒ අනුව අද පස්වරු 6ට දේහය වෛද්‍ය පීඨය වෙත බාරදීමට සැලසුම් කර ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අද පෙරවරුවේ මහාචාර්යවරයා මියගොස් තිබුණේ ඇතුල්කෝට්ටේ පිහිටි නිවසේ සිටියදී ය.

මියයන විට ඒ මහතා 86 වැනි වියෙහි පසුවිය.