නවතම පුවත්

හැම මාසෙම අවසාන සෙනසුරාදා සවස නිදහස් චතුරශ්‍රයට ඔබත් එන්න

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොළඹ කොන්ක්‍රීට් වනාන්තරයේ තැම්බෙමින් මනස අවුල්කරන ඝෝෂාකාරී සංගීතයෙන් මිරිකෙමින් සිටින ජනතාවගේ සිත් සැනසෙන අපූරු සංගීත අත්දැකීමක් ලබන්නට හැකියාව ලැබෙන්නේ නිදහස් චතුරශ්‍ර යේ නිදහස් මන්දිරයේදී සෑම මාසයකම සතියේ අවසාන සෙනසුරාදාටය. ඒ සවස 6.00 සිට රාත්‍රී 8.00 දක්වා පුරා හෝරා දෙකක් පුරාවටය. කිසිදු අය කිරීමකින් තොරව නොමිලයේ ලැබෙන මේ සංගීතය මනසට ලැබෙන අපූරු චිකිත්සාවකි. ඒ.සී කාමරවලින් මිදී ගත සිත පුබුදුවාලන ස්වාභවික සිසිල විදිමින් නිදහස් මන්දිර බිමේ අසන් ගෙන මේ අපූරු සංගීත චිකිත්සාව සැබෑ ලෙසම මනස පුබුදුවාලන්නකි. මේ සටහන් තබන්නට යන්නේ රන්වල බලකායේ “ ගයමු “ ගීත ප්‍රසංගය ගැනය. මේ ප්‍රසංගය ගැන මාහට දැන ගන්නට ලැබෙන්නේ පසුගිය වසරේ අප්‍රේල් නිවාඩුවට කොළඹ නිවසට පැමිණි ඥාති වර්ගයා සමග නිදහස් චතුරශ්‍ර යේ පොඩි රවුමක් යන විටය. එදා අප්‍රේල් මාසයේ අන්තිම සෙනසුරාදාවකි. නිදහස් චත්‍රරශ්‍රයට අපි යන විට රාත්‍රී 7.00 ට පමණ ඇත. අපි ගමන් කළ රථය නිදහස් මන්දිරය ඉදිරිපිට රථ නැවතුමේ නතරකරන විට දුටුවේ අපූරු දසුනකි. ඒ සියයක්පමණ වූ පිරිසක් නිදහස් මන්දිරයේ රැස්වී යම් සංගීත සංධවනියකට සමවැදී සිටින අයුරුය. ගෝෂාකාරී සංගීතයෙන් මිදුණු එම මියුරු හඩට මා මෙන්ම බිරිදත් දරුවනුත් ඥාති වර්ගයාගේත් සිත් ඇදී ගියහ. සැප පහසු පුටු වෙනුවට නිදහස් මන්දිරයේ බිම වාඩි වෙමින් තාලයට ගීත මුමුණමින් සිටි ඒ පිරිස අතරට අපත් එක්වූයේ අපටත් නොදැනීය. එදා ඒ ලද අත්දැකීම සෑම මසකම ලබන්නට නිදහස් චතුරශ්‍රයට යාමට මා පුරුදු වී ඇත්තේ බිරිදත් දරුවාත් සමගිනි. සංගීතයට එතරම් රැචිකත්වයක් නොදැක්වූවත් සංගීතය රස විදීමට ප්‍රියතාවයක් ඇති මාවත් බිරිදවත් මේ අපූරු වැඩ සටහනට රැගෙන යන්නට වැඩියෙන්ම උනන්දු කරන්නේ මාගේ පුතුය. මාසේ අන්තිම සෙනසුරාදා එළඹෙනතුරු ඔහු සිටින්නේ ඇගිලි ගණිමිනි. බාල මහළු තරුණ ඕනෑමබ වයස් සීමාවක සිටින්නන්ට රසවිදිය හැකි ආකාරයේ ගීත සමුදායක් මෙහිදී රස විදින්නට හැකි වන්නේ ඒ ගීත නිර්මානයන්ට දායකවූ නිර්මාන කරුවන්ගේ වත ගොත සමගිනි. ඒ සදහා රන්වල බලකායේ සහන් රන්වල ලොකු වෙහෙසක් ගන්නා බවක් මට දැනුනේ පළමු දිනයේදීමය. පළමු දිනයේදීම දැන ගන්නට ලැබුණු ආකාරයට අනුව වසර ගණනාවක් තිස්සේම මෙම ප්‍රසංගය ඔවුන් පවත්වා ඇත්තේය. මුල් කාලයේ ඔවුන්ගේ ප්‍රසංග මධ්‍යස්ථානය බවට පත්ව තිබී ඇත්තේ බන්ඩාරණායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ කමතය. 2015 ආණ්ඩු වෙනසත් සමගින් ඔවුන්ට නිදහස් චතුරශ්‍රයට එන්නට සිදුවන්නේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවත් සමග එක්වය. ඒ එහි අධ්‍යක්ෂිකව වන අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මියගේ ආරාධනාවෙනි. පීඩාකාරී මනස නිරවුල්කර ගනිමින් සැහැල්ලුවෙන් පැය දෙකක් ගතකරන්නට නම් ඔබත් සෑම මාසකම අවසන් සෙනසුරාදට සවස 6.00 වෙනකොට නිදහස් මන්දිරයට යන්න. නොමිලයේම ලැබෙන පොත් පිංචද අතට ගෙන ගීතයක් දෙකක් නෙමෙයි ගීත දහ අටක් විස්සක්ම මුමුණා අපූරු අත්දැකීමක් ලබනවාත් එක්කම මනසක් සැහැල්ලුකර ගන්නට පුළුවන් වේවි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්