වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා වූ තිහාර ජයරත්න ඝාතනය සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ 27 හැවිරිදි ගලගොඩවත්ත, කුලීගොඩ පදිංචිකරුවෙක් හා 42 හැවිරිදි අම්බලන්ගොඩ පදිංචිකරුවෙකි.
පළමු සැකකරු අත්අඩංගුවට ගෙන ඔහුගෙන් කරන ලද වැඩිදුර ප්‍රශ්නකිරීම්වලදී අපරාධයට යොදාගත් ටී56 ගිනි අවියක් හා උණ්ඩු12ක් සහිත මැගසිනයක් ද ඝාතනයට ගිය යතුරු පැදිය ද සොයාගෙන ඇත.
ඔහු සමග ඉහත ගිනි අවි භාවිත කළ බවට අනාවරණය වූ දෙවැනි සැකකරු ඉන් අනතුරුව අත්අඩංගුවට ගැනුණි.
අම්බලන්ගොඩ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.