පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක
සභාවේ සාමාජිකයින් වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය කැමැත්ත පළ
කර තිබේ.
ඒ අනුව ඉදිරියේදී පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ
සාමාජිකයින් ජනාධිපතිවරයා හමුවීමට බලාපොරොත්තු වන බව එම කාරක සභාවේ සභාපති
නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ප්‍රකාශ කළේ ය.
ජනාධිපතිවරයා දැනුම් දෙන දිනයකදී ජනාධිපති ලේකම් කාර්යාලයේ දි එම හමුව පැවැත්විමට බලාපොරොත්තු වන බව ඔහු සදහන් කර සිටියේ ය.
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පසුගියදා ලිඛිතව ඉල්ලීමක් කරන ඇත.
අදාළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් හමුවීමට ජනාධිපතිවරයා කැමැත්ත පල කර ඇති අතර ඒ සඳහා දිනයක් දැනුම් දෙන බව ද එම කාරක සභාව දැනුම්වත් කර ඇත.