වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද (04) දින ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව සැලසුම් කර ඇත.
එහි ලේකම් එච්. එල්. උදයසිරි මහතා ප්‍රකාශ කළේ, මාධ්‍ය වෙත සඳහන් කලේ වෘත්තිය සමිති 17 ක සමාජිකයින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බවයි.
මේ හේතුවෙන් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය, ආයුර්වේද, සැලසුම් කළමනාකරණය, මිනින්දෝරු, අධ්‍යාපන පරිපාලන, දේශීය ආදායම්, කෘෂිකර්ම සේවයේ කටයුතු, විද්‍යාත්මක සේවාවන්, ඉන්ජිනේරු සේවාවන් ඇතුළු සේවා රැසක කටයුතුවලට බලපෑම් එල්ල වන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.