නවතම පුවත්

ක්‍රිකට් ඒඩ් ගිණුම කෝප් කමිටුව විසින් අත්හිටුවයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කෝප් කමිටුව (පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව) විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුණ්‍ය කටයුතු සිදු කරන ‘ක්‍රිකට් ඒඩ්’ සමාගමේ ක්‍රියාකාරීත්වය අත්හිටුවීමට පියවර ගත්තේය. එම කමිටුව විසින් මෙම තීරණය ගනු ලැබුවේ ඊයේ (03දා) ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් පැවැති කාරක සභා රැස්වීමේදීය.

ක්‍රිකට් ආයතනයේ සහ ක්‍රිකට් ඒඩ් නිලධාරීන් මීට පෙර කෝප් කමිටුව ලබාදුන් නිර්දේශ ඉටු කිරීම පැහැර හැරීම සහ ක්‍රිකට් ඒඩ් සමාගම සඳහා නීතිමය පසුබිම එහි පැමිණි ක්‍රිකට් ආයතනයේ කිසිදු නිලධාරියෙකුට පැවසීමට නොහැකි වීම මෙසේ සිදුකිරීමට හේතුව වී තිබේ.

‘ක්‍රිකට් ඒඩ්’ සමාගම සම්බන්ධයෙන් අක්‍රමිකතා රාශියක් මෙහිදී සාකච්ඡාවට ගැනුන අතර, එහිදී ‘ක්‍රිකට් ඒඩ්’ සමාගමේ කළමනාකරු විසින් සමාගම ලියාපදිංචියටත් පෙර සිට සමාගමක් නොමැතිව එහි වැටුප් ලබාගෙන ඇති බව අනාවරණය විය.

එමෙන්ම ‘ක්‍රිකට් ඒඩ්’ සමාගමේ කළමනාකරු වන උපාලි සෙනෙවිරත්න මහතාට රු. ලක්ෂ 34ක් වැටුප් ගෙවා ඇතත් ආදායම ලෙස ලබා ඇත්තේ රුපියල් ලක්ෂ 24ක් පමණක් වීම දැඩිව මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

ඒ අනුව කෝප් කමිටු සභාපති, ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ක්‍රිකට් ඒඩ් සමාගම නිසි පරිදි නීත්‍යනුකුල පසුබිමක් යටතේ ස්ථාපිත කරන තෙක් එහි කටයුතු අත්හිටුවීමට පියවර ගත්තේය.

මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අක්‍රමිකතා රාශියක් සිදුව ඇතැයි පැවසෙන ගනුදෙනුවලින් සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, මහනුවර ක්‍රිකට් විශ්වවිද්‍යාලය, රුපවාහිනී විකාශන අයිතිය විකිණීම, විවිධ රටවල ශ්‍රී ලංකා ක්‍රිකට් නමින් ගිණුම් ආරම්භ කර තිබීම, ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලැබිය යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන 05ක මුදලක් විදෙස් ගිණුමකට යෑම වැනි අක්‍රමිකතා රාශියක් පිළිබඳ සාකච්ඡා කෙරිණි.

මෙහිදී මෙම ගනුදෙනු සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයෙන් පැමිණ සිටි කිසිදු නිලධාරියෙකු පිළිතුරු දීමට අපොහොසත් වූ අතර, පසුව ක්‍රිකට් ආයතනය ‘හොර ගුහාවක්’ බවට කෝප් කමිටු සාමාජිකයන්ගේ චෝදනාවටද ලක්විය.

ක්‍රිකට් ආයතනයේ මෙම අක්‍රමිකතා සම්බන්ධයෙන් යළිත් කරුණු විමසීමට මෙම මස 19 වැනිදා එහි නිලධාරීන්ව නැවත කෝප් කමිටුව හමුවට පැමිණවීමට දින නියම වූ අතර, එදිනට ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන නිලතල හොබවන නිලධාරීන්, තොරතුරු තාක්ෂණ කළමනාකරු නදීශාන් සූරියආරච්චි, ආයතනය අනිවාර්යෙන් කැඳවන බව දැන්වීය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා