බංග්ලාදේශය මුහුණ දී ඇති හදිසි ගංවතුර ආපදා තත්ත්වයට සහන සැලසීම වෙනුවෙන් මුදල් ආධාරයක් සැපයීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව ඇමෙරිකානු ඩොලර් 50,000ක් සංකේතාත්මක ආධාර ලෙස ලබාදීමට පියවර ගෙන ඇත.
මේ පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.