සිර දඬුවම ලිහිල් කරන්නැයි කංජිපානිගෙන් අභියාචනයක්

Picture of අසංක

අසංක

තමන්ට නියම වී තිබෙන වසර හයක සිර දඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලා පාතාල කල්ලි නායකයෙකු බව කියන කංජිපානි ඉම්රාන් විසින් අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

ගංජා කිලෝග්‍රෑම් 5.3ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාව මත විභාග වූ නඩුවක තමන් වරදකරු බව පිළිගැනීමෙන් පසුව ඔහුට අධිකරණය මගින් බරපතළ වැඩ ඇතිව වසර 6ක සිර දඬුවමක් නියම විය.

එම අභියාචනය, අභියාචනාධිකරණය හමුවේ ගොනු කිරීම සඳහා කොළඹ මහාධිකරණය වෙත භාරදී තිබේ.

 තමන්ට නියම කළ දඩුවම ඉතා අධික බැවින් එම දඩුවම ලිහිල් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් කංජිපානි ඉම්රාන් සිය අභියාචනයෙන් ඉල්ලා ඇත.