ශ්‍රී ලංකාවේ නයිජීරියානු තානාපති කාර්යාලය වසා දැමීම පිළිබඳව නැවත විමර්ශනයක් ආරම්භ කිරීමට නයිජීරියානු රජය පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධතාවය ගොඩනගා ගැනීමේ වැදගත් කම සැලකිල්ලට ගනිමින් නයිජීරියාව විමර්ශනය ආරම්භ කරන බව ජනාධිපති මුහම්මදු බුහාරි මහතා පැවසීය.
නයිජීරියාව මුහුණ දුන් මූල්‍යමය අභියෝග කිහිපයක් හමුවේ 2017 වසරේදී මෙරට නයිජීරියානු තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමිණ
ශ්‍රී ලංකාව සමග ආර්ථික සම්බන්දතා ඉදිරියේදී වඩාත් ශක්තිමත් කර ගැනීම තම අරමුණ වන බවද බුහාරි මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත .