නවතම පුවත්

පාස්කු ප්‍රහාරයට අදාළව 293ක් අත්අඩංගුවට – 7ක් ප්‍රකාශ ගන්න සොයයි

අසංක

අසංක

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් තුවාල ලැබූ එහෙත් ප්‍රකාශ සටහන් කරගැනීමට නොහැකි වූ 7 දෙනෙක් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බැවින් ඔවුන් හැකි ඉක්මනින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකය අමතන්නැයි පොලිස් මූලස්ථානය දැනුම් දෙයි.

ඒ අනුව 0112 392 900 යන දුරකථන අංකය ඔස්සේ අමතන ලෙස පොලීසිය කියාසිටියි.

1.දිලිප් රාජ්, පොස්පේට් වත්ත දික් ඔය.

2.ජයසු දේවන්, ඊපීපී කොටස, නමුණුකුල.

3. ලක්ෂානා, හිල්ටන්හෝල්වත්ත, ළිඳුළ.

4.එෆ්,ස්ටැන්ලි , පෝට්වත්ත, නෝර්වුඩ්.

5.එස්.ආර්.ප්‍රනාන්දු, තලංගම් පාර, කඩුගන්නාව.

6.ඇලෙක්සැන්ඩර් ස්ටාර්ස් කීන්, පහළ කොටස, බගවන්තලාව.

7.අචලන් වික්ටර්, පුන්කුඩුතිව්, කයිටස්.

කොළඹ ජාතික රෝහලේ සහ කළුබෝවිල ශික්ෂණ රෝහලේ මොවුන් ප්‍රතිකාර ලබා තිබේ.

ලිපිනවල ගැටලු හේතුවෙන් ඔවුන් සොයාගත නොහැකි වී ඇති අතර මෙම 7 දෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම අත්‍යාවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව පුද්ගලයන් 293ක් අත්අඩංගුවට ගෙන ඇත.

ඉන් 115 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර 178 දෙනෙක් රැඳවුම් නියෝග මත රඳවා සිටියි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පාස්කු ප්‍රහාරයට අදාළව සහය, ආධාර අනුබල දුන්, අවි පුහුණුව ලැබූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් ය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි