පාර්ලිමේන්තුවට අද කළු දිනයක් බව ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.
හෙතෙම පෙන්වා දෙන්නේ ස්ථාවර නියෝග යටතේ මන්ත්‍රීවරුන් විසින් ආණ්ඩුවෙන් ප්‍රශ්න 15 ක් මතු කළ බවයි.
එහෙත් කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු දීමට එක ඇමතිවරයෙක් හෝ නොසිටි බව ඔහු සිය සමාජ ජාල ගිණුම ඔස්සේ චෝදනා කළේය.
මෙය ‘පාලනය සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හා ආණ්ඩුවේ සම්පූර්ණ නොසැලකිල්ල!’ යන්න මන්ත්‍රීවරයා එමගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.