නවතම පුවත්

සැකකරුවන් හඹාගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි

අසංක

අසංක

අකුරැස්ස තිබ්බටුවාව හන්දිය ප්‍රදේශයේ දී නතර කිරීමේ සංඥා නොතකා, අංක තහඩු ද නොමැතිව යතුරුපැදියකින් ගමන් ගත් තිදෙනෙකුගෙන් අයකු කළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

අද අලුයම 1ට පමණ පොලිස් යතුරු පැදි සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මෙසේ වෙඩි වැදී ඇත.

අංක තහඩු නොමැතිව තිදෙනෙකු ගමන් ගත් යතුරු පැදියට නවතන ලෙස පොලිස් නිලධාරීන් සංඥා කර තිබේ.

එහෙත් නොනැවතුණු යතුරුපැදිය පලාගොස් ඇත.

පොලිස් නිලධාරීන් දෙදෙනා ද ඒ පසුපස හඹාගොස් තිබේ.

එහිදී යතුරුපැදියේ ගමන් ගත් මැද සිටි පුද්ගලයා පොලීසියට වෙඩිතබා ඇත.

සිද්ධියෙන් පොලිස් යතුරුපැදියට හානි සිදුව ඇති අතර නිලධාරීන් දෙදෙනා අකුරැස්ස රෝහලට ඇතුළත් කරබ්පසුව මාතර රෝහලට මාරුකර යවා තිබේ.

සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි