නවතම පුවත්

පාඨලී දේශපාලන තීන්දුවක් ගන්න සූදානම්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරි දේශපාලන තීරණ පිළිබද ලබන සතියේදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරිමට නියමිත the colombo express අප වෙත වාර්තා වෙනවා.

ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක බස්නාහිර සහ මහ නගර සභා අමාත්‍යවරයා වන අතර ඉදිරියේදී බිහිකිරිමට නියමිත එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධාන භූමිකාවක් ඔහු දරන බවත් වාර්තා වෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තවමත් නම් කර නොමැති අතර රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06) පැවති එජාප ජේශ්ඨ සමාජිකයන් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ තමන් ජනාධිපති අපේක්ෂකයා ලෙස එජාපයෙන් ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බවයි. හෙට දිනයේ අගමැතිවරයා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත් වීමට නියමිතයි.

මේ‍ සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අදහස් දක්වමින් කියා ඇත්තේ තවමත් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා නම් නොකිරිම නිසා, මෙම සතිය තුළ ජනාධිපති අපේක්‍ෂකත්වය පිළිබද තීරණයක් ගතයුතු බවත් එසේ නොවුන හොත් විකල්ප කි‍්‍රයාමාර්ගයකට එළඹීමට සිදුවන බවද අමාත්‍ය පාඨලී චම්පික රණවක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටි බව වාර්තා වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්