නවතම පුවත්

”විද්‍යාවේ අසමත්වීම් නෑ’- සඳට ගිය චන්ද්‍රයාන්2 ගැන ‌මෝදි ‌තෙත්වූ දෑසින් කී කතාව

අසංක

අසංක

‘විද්‍යාව තුළ කිසිවක් අසමත් වන්නේ නෑ. තිබෙන්නේ අත්හදාබැලීම් පමණයි. අද උගත් දේ වඩා ශක්තිමත් හෙටක් බිහිකරනු ඇත’ යැයි ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. හෙතෙම මේ බව පවසා ඇත්තේ ඉන්දියාවේ ‌ඒතිහාසික  චන්ද්‍රයාන් 2 යානය සද මතට පතිත වීමට ආසන්නව තිබියදී පෘථිවිය හා සන්නිවේදනය බිදී ගොස් ව්‍යාපෘතිය අසාර්ථික වීමෙන් පසුව විද්‍යාඥයින් හමුවී ශෝකය බෙදාගත් පසු ජාතිය අමතමිනි.

චන්ද්‍රයාන් 2 යානයේ  වික්‍රම් රෝවර් යානය ගොඩබැස්වීමට ඉතාම ආසන්නව තිබියදී මෙලෙස ව්‍යාපෘතිය අසාර්ථක වුවත් මෝදි අගමැතිවරයා පවසන්නේ ඒ දක්වා ගිය ගමන සැලසුමට අනුව සාර්ථක වූ බැවින් තම විද්‍යාඥ කණ්ඩායම පිළිබද ඉතා ආඩම්බර වන බවයි.

අවසන් මොහොතේදී අසාර්ථක වුවත් තම විද්‍යාඥයන් මේ වෙනුවෙන් කළ කැපවීම, දැරූ වෙහෙස ඉන්දීය ඉතිහාසයට ඒක්කළේ සලකුණක් බවත් මුළු මහත් ඉන්දියාවට මෙම විද්‍යාඥයන් සමග ඒක්ව නැගී සිටිමින් වඩාත් සාර්ථක ඉදිරි පියවරක් වෙනුවෙන් එක්වන බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී පොරොන්දුවක් ද ලබාදුන්නේ ය.

‘මට කියන්න අවශ්‍යයි අපේ විද්‍යාඥයින් ගැන මට ආඩම්බරයි. ඔවුන් කළ කැපවීම අතිවිශිෂ්ටයි. අපි අසමත් වුණේ නෑ. විද්‍යාවේ කිසිවක් අසමත් වීම් නෑ. ඇත්තේ අතහදාබැලීම් පමණයි. අපි වඩාත් සාර්ථක ඉදිරි පියවරක් වෙනුවෙන් නැගී සිටිනවා. මුළු ඉන්දියාවම අප‌ෙග් විද්‍යාඥයින් සමගයි.’

වික්‍රම් රෝවරය අසාර්ථක වූ බව දැනගත් වහාම අගමැතිවරයා ඉන්දීය අභ්‍යවකාශ සමීක්ෂණ සංවිධානය වෙත ගොස් විද්‍යාඥයින් පිරිස හමුවූ අතර ඒහිදී බොහෝ සංවේදී අවස්ථාවක දැකගත හැකි වූ බව ඒරට මාධ්‍ය පවසයි.

වික්‍රම් රෝවරය සාර්ථක ලෙස ගොසබැස්සේ නම් ඒය කටයුතු කරන ආකාරය පිළිබද ඉන්දීය අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් පෙර සකසා තිබූ ත්‍රිමාණ සජීවීකරණ වීඩියෝපටයක් ද මේ වනවිට මුදාහැර තිබේ.

YouTube player

සද මතට ‌ෙගොඩබැසීමට සිටි වික්‍රම් ‌රෝවරය
විකුම් සද මතට ‌ගොඩබැස්සේ නම් දිස්වන ආකාරය (ත්‍රිමාණ)

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්