මෙරට පුද්ගල අතුරුදන්වීම් ගැන මානව හිමිකම් සැසියට විශේෂ වාර්තාවක්

Picture of අසංක

අසංක


ශ්‍රී ලංකාව තුල සිදුවූ පුද්ගල පැහැරගැනීම් සම්භන්ධව නිරීක්ෂණ හා ඊට අදාළ නිර්දේශ ඇතුලත් විශේෂ වාර්තාවක් අනිද්දා (09) ජිනීවාහිදී ආරම්භවන ජගත් සංවිධාන මානව හිමිකම් සමුළුවේ 42 වන සැසිවාරයේදී සාකච්ජාවට ලක්කිරීමට නියමිතය.

ජගත් නියෝජිතයින් මෙරට කරන ලද නිරීක්ෂණ චාරිකා ඇසුරෙන් මෙම වාර්තාව සකස් කර ඇති අතර , මේ පිළිබඳව ජගත් මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බෂලර් මහත්මියද අදහස් දැක්වීමට නියමිත බව වාර්තාවේ.

මානව හිමිකම් සමුළුවේ ප්‍රධාන සැසියට සමගාමීව පැවැත්වෙන රැස්වීම් කිහිපයකදී අදහස් දැක්වීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම කේ සිවාජිලිංගම් ද ජිනීවා නුවර බල පිටත්ව ගොස් ඇත. ඊට අමතරව ගෝලීය ද්‍රවිඩ පර්ෂදයේ සාමාජිකයින් කිහිපදෙනෙකුද එහිදී අදහස් දක්වනු ඇති බව දැනගන්නට ඇත.

අනිද්දා ආරම්භවන ජගත් මානව හිමිකම් සමුළුව ලබන 27 දක්වා පැවැත්වේ.