වත්මන් ආණ්ඩුව පැහැර හැරි ජාතික ආරක්ෂාව තහවුරු කරනවා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

“සැලැස්ම බලගැන්වෙයි” යන්න තේමා කරගනිමින් පැවැත්වෙන   වියත්මඟ වාර්ෂික සම්මේලනය අද (08) පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත් විය.

ඒ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ගේ සහභාගිත්වයෙනි.

මේ සඳහා  විද්වතුන්, වෘත්තිකයින්, කලාකරුවන් සහ ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියේය.

එහිදි අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා

රටක ආරක්ෂ තත්ත්වය තහවුරු කිරීම පවතින රජයේ වගකීම බවත් වත්මන් ආණ්ඩුව විසින් රටේ ආරක්ෂ තත්ත්වය තහවුරු කිරීමේ වගකීම පැහැර හැර ඇති බවත් 2005 වසරේදි එය සිය පාර්ෂවය විසින් සිදු කළ බවද ඒ මහතා පවසයි.

ගිලිහි ගිය රටේ ආරක්ෂ තත්ත්වය නැවතත් සිය පාලනයක් යටතේ නැවත ඇති කිරීමට කටයුතු කරන බවද වැඩිදුරටත් අදහස් දැක්වු ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

මේ අතර වියත්මග වාර්ෂික සම්මේලනය අද උදෑසන ආරම්භ වූ අතර එහි සම්මන්ත්‍රණ සැසි ක්ෂේත්‍ර 07ක් ඔස්සේ පැවැත්වුණා. ඒ, ව්‍යාපාරික විශ්වාසය ගොඩනැගීම, දැනුම ආර්ථිකය සඳහා අධ්‍යාපන අංශය පරිවර්තනය කිරීම, ජාතික ආරක්ෂාව සඳහා ගෝලීය ප්‍රවණතා සහ අභියෝග,  විනයගරුක හා සංවර්ධිත ප්‍රජාතන්ත්‍රවාදයකට ශ්‍රී ලංකාව වේගයෙන් ලුහුබැඳීමේදී තරුණයින්ගේ කාර්යභාර්යය යන ක්ෂේත්‍ර ද ඊට අයත්. 

එමෙන්ම ඩිජිටල් ශ්‍රී ලංකාවේ නවෝත්පාදන, තාක්ෂණය සහ ව්‍යවසායකත්වයන් ඉස්මතු කිරීම, ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය – වර්තමාන හා අනාගතය මෙන්ම ජාතික සමගිය යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කෙරුණා. මේ සඳහා මෙරට සිටින විද්වත් වෘත්තිකයන් රැසක් මෙන්ම ලෝක ශූර ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ද සහභාගී වුණා.