කොමිසමට ආ ගාමිණි ජයවික්‍රම විනාඩි 10න් යයි

Picture of අසංක

අසංක

වත්මන් රජය සමයේ සිදුවූ දූෂණ වංචා පිලිබඳ සොයාබලෙන ජනාධිපති විමර්ශන කොමිසම හමුවට අද පෙරවරුවේ ගිය අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා යළි ලබන 17 වැනිදා කැඳවා තිබේ.

අද පැමිණි අමාත්‍යවරයා සාක්ෂි දීමට ඉදිරිපත්ව ඇතත් ඊට අදාළ ලේඛන කිසිවක් නොතිබීම නිසා වෙනත් දිනයක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලා තිබේ.

ඒ අනුව ලබන 17 වැනිදා සාක්ෂිවලට අදාළ ලේඛන සමග කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.

අද කොමිසමට පැමිණි අමාත්‍යවරයා විනාඩි 10ක් වැනි කාලයක් කොමිසම හමුවේ කරුණු දක්වා පිටව ගියේය.

මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට අදාලව සිදුවූ වංචා හා අක්‍රමිකතා සම්භන්ධව කරුණු විමසීමක් සඳහා මෙසේ ජයවික්‍රම පෙරේරා මහතා කැඳවා තිබුණි.