2015 යෝජනා තවම නෑ- මානව හිමිකම් කවුන්සිලය

Picture of අසංක

අසංක


ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් 2015 වසරේදී සම්මත කර ගත් යෝජනාවලිය නිසි ලෙස ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකා රජය තවමත් අපොහොසත් වී ඇති බව මෙරට සම්භන්ධයෙන් කටයුතු කරන ජගත් මානව හිමිකම් කවුන්සිල ජාත්‍යන්තර කණ්ඩායම අවධාරණය කර ඇත.

කැනඩාව , ජර්මනිය , බ්‍රිතාන්‍යය මොන්ටනීග්රෝ හා දකුණු මැසිඩෝනියාව , මෙලෙස මෙවර ජගත් මානව හිමිකම් කවුන්සිල සැසියේදී ශ්‍රී ලංකාව සම්භන්ධයෙන් කටයුතු කරන ජාත්‍යන්තර කණ්ඩායමට ඇතුලත්වේ.

ශ්‍රී ලකා රජය මෙම යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමේ කාර්යක්ෂමතාව පිළිබඳව සතුටුවිය නොහැකි බවද එම කණ්ඩායම , 42 වන ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරය වෙත දැනුම් දී ඇත .

කෙසේ වෙතත් මෙම යෝජනාවලිය සාර්ථක කර ගැනීම සඳහා තම රාජ්‍යයන් තවදුරටත් ශ්‍රී ලංකාවට සහය දීමට සූදානම් බවද එම කණ්ඩායම සඳහන් කර ඇත.