ලෝ ප්‍රකට බිලියනපති සහ අලිබබා සමුහ ව්‍යාපාරයේ නිර්මාතෘ ජැක් මා අද දිනයේ නිල වශයෙන් අලිබබා සමූහයෙන් විශ්‍රාම යනවා.
ඊයේ දිනයේ පැවති Ali Baba 20 වෙනි සංවත්සර සාදයේදී ජැක් මා රොක් ගායකයෙකු ලෙස ඉතා විනෝදයෙන් ඔහු පසුවුනු අතර තමන් අලිබබා සමූහයෙන් විශ්‍රාම ගන්නා බව වසරකට පෙර සිටම නිවේදනය කර තිබිණි. අද ඔහුගේ ජන්ම දිනය නිසාම විශ්‍රාම යාමට ඔහු අද දිනය තෝරාගන්න ලදී.
කෙසේ වෙතත් ඔහු මීළඟ කොටස් හිමියන්ගේ මහා සභා රැස්වීම පැවැත්වෙන ලබන වසර තෙක් අධ්‍යක්ෂ මණ්ඩලයේ රැඳෙනු ඇත.
ඔහුගෙන් හිස් වූ සභාපති තනතුරට දැනට කටයුතු කරන ප්‍රධාන විධායක නිලධාරියා පත්කෙරෙනු ඇත. අධ්‍යක්ෂ මණ්ඩලයේ කැමැත්ත පරිදි අලිබබා සමුහයේ ඉහල තනතුරු පිරවෙනු ඇතැයි ජැක් මා පවසා ඇත.
ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ,
” ජැක් මා ගැන අලිබබා වද නොවෙන නමුත් ජැක් මා සදහටම අලිබබා සමුහයට අයත් වනු ඇති බවයි.”
චීනයට අන්තර්ජාලය හරහා ව්‍යාපාර සිදු කිරීම හඳුන්වා දුන් ජැක් මා අලිබබා සමුහයෙන් සමු ගැනීම තවත් ආරම්භයක් වීමට ඉඩ ඇති බව ඇතැම් විචාරකයන්ගේ අදහසයි.
Highlights from the Alibaba Group 20th anniversary party, part 3: pic.twitter.com/CLYOTpZT8t
— Alibaba Group (@AlibabaGroup) September 10, 2019
