කොළඹ කොටුවේ සිට පොළොන්නරුව දක්වා දිවෙන “පුලතිසි” නගරාන්තර ශිඝ්රගාමී දුම්රිය ප්රථම ගමන අද ඇරඹීය. ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාද එම මංගල ගමනට එක්වෙමින් කොළඹ, කොටුව දුම්රිය ස්ථානයේ සිට මරදාන දුම්රිය ස්ථානය දක්වා ගමන් කරනු ලැබීය.
දිනපතා සවස 3.00 ට කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹන දුම්රිය රාත්රි 7.45 වන විට පොළොන්නරුවට ළගාවීමට නියමිතව ඇත.
පසුදින අලුයම 3.45ට පොළොන්නරුවේ සිට කොටුව දක්වා යළි ගමන් ආරම්භ කරන දුම්රිය පෙ.ව 9.06 වන විට කොටුව දුම්රිය ස්ථානයට ළගාවනු ඇත. මෙම නව ශීඝ්රගාමී දුම්රිය පොළොන්නරුව, කුරුණෑගල, මහව, කැකිරාව, හබරණ, හිඟුරක්ගොඩ යන දුම්රිය ස්ථානවල නවත්වනු ලැබේ.