නවතම පුවත්

ඡන්දෙ නිසා හැදුණු බොරු සමාජ ජාල ගිණුම් දහස් ගණනක්

අසංක

අසංක

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හා මැතිවරණයන් ඉලක්ක කර ව්‍යාජ ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් දහස් ගණනක් මේ දිනවල නිර්මාණය වෙමින් ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

ඒ අනුව එම ගිණුම් හරහා විවිධ පුද්ගලයින්ට අපහාස වන ආකාරයේ සටහන් හා වෛරී ප්‍රකාශ සමාජ මාධ්‍ය වෙත නිකුත් වීමේ ප්‍රවණතාව ද ඉහළ ගොස් ඇති බව සංගමය අවධාරණය කර සිටී.

විශේෂයෙන් දේශපාලන පක්ෂ හා දේශපාලඥයින් විසින් විවිධ පිරිස් යොදවා සංවිධානාත්මක ලෙස මෙම ක්‍රියාවලිය දියත් කර ඇති බවද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සඳහන් කර සිටී .

මේ අනුව ඉදිරි ජනාධිපතිවරණ කාල සීමාවේදී ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කිරීමටද එම සංගමය මේ වනවිට කටයුතු යොදා ඇත.

මැතිවරණ කොමිසම කල ඉල්ලීමකට අනුව තම සංගමය මෙම නිරීක්ෂණ කටයුතු සිදුකරන බවද සංගමයේ සභාපති යසිරු කුරුවිටගේ මහතා පැවසීය

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි