නවතම පුවත්

බන්ධනාගාරගත කල නාවික හමුදා සෙබළුන්ට ඇප

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පසුගියදා ත්‍රීකුණාමලයේ දී අණනොතකා යාත්‍රා කල ධීවරව යාත්‍රාවකට මුහුදු තීරයේ වෙඩි තැබිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාවික හමුදා නිලධාරින් දෙදෙනා සහ සෙබළුන් 10 දෙනා ඇප මත මුදා හැර ඇත. මේ සම්බන්ධයෙන් නාවික හමුදාව විසින් මෝසමක් යොමු කර ඇති අතර එය සලකා බැලු අධිකරණය අද මෙම තීන්දුව දෙනු ලැබුවා.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් එම නාවික හමුදා සාමාජිකයින් 12 දෙනා පසුගිය (10) දා පොලිසියට කට උත්තර ලබාදීමට පැමිණි වෙලාවේදී ඔවුන් වරාය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතිකයන් සතුව කිසිදු බලපත්‍රයක් හෝ පිලිගත හැකි ලියවිල්ලක් නොතිබූ අතර පසුව පොලිසියට බාර දුන් පසු ඔවුන් පවසා ඇත්තේ නාවික හමුදාව ඔවුන්ට පහරදුන් බවත් වෙඩි තැබු නිසා තුවාල සිදුවූ බවයි මේ අනුව නාවික හමුදා නිළධාරීන් සහ සෙබළුන් අත්අඩංගුව ගෙන බන්ධනාගාරගත කරනු ලැබුවා.

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ

ධිවරයන් තිදෙනෙකුට පහර දි එක් ධිවරයෙකුට වෙඩි තබා තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නාවික ලුතිනන් කොමාන්ඩර්වරු දෙදෙනා හා නාවික භටයන් දස දෙනා ඇතුලු 12 දෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙක බැගින් වන ශරිරි ඇප මත මුදාහරින ලෙස  ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් එම්.ඒ.මොහොමඩ්  හම්සා මහතා  ඊයේ (12) නියෝග කලේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි  නිතීඥයන් මෝසමක් මගින් ඇප  මත මුදාහරින ලෙස කල ඉල්ලිමක් සලකා බැලු  මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කරමින් සැකකරුවන් ලබන 16 වනදා  යලි අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස නියම කලේය. සැකකරුවන් ඊයේ (12)  හදුනා ගැනිමේ පෙරට්ටුවකට ඉදිරිපත් කල අවස්ථාවේ  පහරකෑමට ලක් වු ධිවරයන් සැකකරුවන් හතර දෙනෙකු හදුනාගන්නා ලදි.

සැකකරුවන්ට ඇප ඉල්ලා සිටි  අවස්ථාවේ  ත්‍රිකුණාමලය වරාය පොලිසිය එයට විරෝධය පල නොකලේය.ඉකුත් අගෝස්තු  29දා  පුල්මුඩේ මුහුදුතීරයේදි  සැක කටයුතු  බෝට්ටුවක්  පරික්ෂා කිරිමට නවත්වන ලෙස කල අණ නොතකා  පලා  යෑම නිසා මෙම පහරදිම සිදුවිනැයි  පහර කෑමට ලක්වු ධිවරයන් මුලික් විමර්ශණ වලදි කුච්චවේලි  පොලිසියට පැවසිමෙන් පසු  මෙම ධිවරයන් වැඩිදුර විමර්ශන සදහා ත්‍රිකුණාමල වරයා පොලිසියට භාරදි තිබුණි.
පුල්මුඩේ ජින්නාපුරම් පදිංචිකරුවන් වන අබ්දුල්  හමිඩ්  නිජාබ්දින් (49)  මොහොමදු අනිපා මොහොමදු අලියාර් (35)  සහීර්  මොහොමදු සමීර්  (19)  යන අයට පහර දි  අවුසාන් මොහොමඩ් ඉම්රාන්  (20)  නැමැති අයට  වෙඩිතබා තුවාල සිදු කිරිම සම්බන්ධයෙන්  නාවික නිලධාරින් දෙදෙනා ඇතුලු  12 දෙනෙකුට එරෙහිව  වරාය පොලිසිය  බී වාර්තාවකින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව  අධිකරණ නියෝග මත  ඉදිරිපත්වු සැකකරුවන් ඉකුත් 10දා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි