ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල සියලුම රජයේ පාසල් හෙට (24) සහ අනිද්දා (25) දින දෙකෙහි වසා තැබීමට පියවර ගෙන තිබේ.
අධික වර්ෂාවෙන් ඇතිවූ අයහපත් බලපෑම මීට හේතුව බව දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය නිවේදනය කරයි.
දිවයිනේ ප්‍රදේශ ගණනාවකට අද දිනයේ මිලිමීටර් 200කට අධික වැසි ඇදවැටෙන බව කාලගුණ විද්‍යාඥයන් පවසා තිබේ.
මේ වනවිටත් ඇතැම් ස්ථානවල නායයාම් සිදුව ඇති බැවින් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශවල ජනතාව වඩාත් විමසිලිමත් වන ලෙස ආපදා අංශ අනතුරු ඇඟවීම් කරයි.