පරිගණක ජාලයේ පවතින දෝෂයක් හේතුවෙන් මේ වනවිට තැපැල් දෙපාර්තමේන්තුවේ මහජන සේවා සැපයීමේ සබඳතා බිඳ වැටී ඇත.
ඒ අනුව එය යථා තත්ත්වයට පත් කිරීමට කොළඹ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ කණ්ඩායම් 2ක් යෙදවීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
පද්ධතිය යථා තත්ත්වයට පත් කර ගැනීමට නොහැකි වුවහොත් සේවකයින් මගින් හෝ පද්ධතියේ කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බව දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී