ඉදිරි මහා මැතිවරණයේදී , තමා දේශපාලනයට ඇතුළුවීමට සූදානම් වන බවට මේ දිනවල ඇතැම් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිධරන් අවධාරණය කර සිටී.
දේශපාලනයට ඇතුළුවීමට තමා කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ඒ සම්භන්ධව මෙවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරය වීම පිළිබඳව කණගාටුවන බවත් මුත්තයියා මුරලිධරන් මහතා මාධ්‍ය වෙත සඳහන් කර සිටී .