වැඩබලන සොලිසිටර් ජනරාල්වරයා ලෙස ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සන්ජය රාජරත්නම් මහතා පත්කර තිබේ.
රාජ්‍ය සේවා කොමිශන් සභාව මෙම පියවර ගෙන ඇත.
පසුගියදා සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මියගේ වැඩ තහනම් කිරීමත් සමග මෙම තනතුරේ වැඩබැලීමට රාජරත්නම් මහතා පත්කර තිබේ.
ඇවන්ට්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතා විසින් සමාජ ජාලයට මුදාහැරුණු දිල්රුක්ෂි ඩයස් මහත්මියගේ හඬපටයකට අදාළ විමර්ශන සඳහා ඇය තාවකාලිකව වැඩ තහනමට ලක්විය.