ගෝඨාභය රටින් පිටව යයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වෛද්‍ය පරීක්ෂණයකට සහභාගීවීම සඳහා හිටපු ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (10දා) අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ. අද අලුයම 12.50 ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළින් ඔහ ඇතුළු දූත පිරිස සිංගප්පූරුව බලා පිටත්ව ගියහ. මෙම පිරිස යළිත් අනිද්දා (12දා) දිවයිනට පැමිණීමට නියමිතය.වෛද්‍ය පරීක්ෂණයකට එක්වීම සඳහා විදෙස් ගතවීමට හිටපු ආරක්ෂක ලේකම්වරයාට පසුගියදා අධිකරණයෙන් අවසර ලැබීය.