මුස්ලිම් පාසල් හැර සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා එළඹෙන සඳුදා (28) දින නිවාඩු ලබා දී ඇත.
අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත.
මෙවර දීපවාලි උත්සවය ඉරිදා දිනට (27) යෙදී ඇති බැවින්, එදින උත්සවය සමරන හින්දු සිසුන් සහ ගුරුවරුන් වෙනුවෙන් මෙම නිවාඩුව ලබා දී තිබේ.
ඒ අනුව දීපවාලි දිනට පසු දින එනම්, ඔක්තෝබර් මස 28 වැනි සඳුදා දින සියලුම දෙමළ මාධ්‍ය පාසල් (මුස්ලිම් පාසල් හැර) සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.