නවතම පුවත්

හංගේරියාවේ දරුවන් හැදුවොත් බදුවලින් නිදහස්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හංගේරියාව තුළ දරු උපත් අනුපාතය පහළ යෑමට පිළියමක් ලෙස දරුවන් සිව්දෙනෙකුට වැඩි කාන්තාවන් ජීවිත කාලයටම ආදායම් බද්දෙන් නිදහස් කරන බව එරට අමැතිවරයා පවසයි.

අගමැති වික්ටර් ඔර්බන් පවසන්නේ සංක්‍රමණිකයන් මත යැපීමකින් තොරව අනාගත හංගේරියාව එරට ජනතාව වෙතම භාරදීම මෙම ව්‍යායාමයේ අරමුණ බවයි.

දක්ෂිණාංශික ජාතිකවාදී පක්ෂ එරට තුළට මුස්ලිම් සංක්‍රමණිකයන් භාරගැනීම තරයේ ප්‍රතික්ෂේප කරයි.

කෙසේ වෙතත්, හංගේරියාවේ ජනගහනය වසරකට 32,000කින් පමණ පහළ යන අතර, යුරෝපා සංගමයට අයත් රටවලට සාපේක්ෂව එරට කාන්තාවන් දරුවන් දැරීම අඩු මට්ටමක පවතී.

ඒ අනුව, මෙම නව නීතිය අනුව දරුවන් වැඩිපුර සෑදීමට කටයුතු කරන තරුණ යුවළ වෙනුවෙන් ඇ.ඩො.36,000ක් දක්වා පොලී රහිත ණය මුදල්ද ලබාදෙන බව කියයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි