මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා ගිවිසුම , පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට පෙරම අත්සන් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කර සිටී
එම ගිවිසුම අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බැවින් එය අත්සන් කළ පසුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යමංගල සමරවීර මහතා මාධ්‍ය වෙත පැවසීය.
පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳව දැනුමක් නොමැති ඇතමුන් එය අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුයි පැවසුවද සනාත නොකළ ලියවිල්ලක් පිළිබඳව උත්තරීතර පාර්ලිමේන්තුවේ විවාද කළ නොහැකි බවද මංගල සමරවීර මහතා මෙහිදී සඳහන් කළේය .
මෙම ගිවිසුම නිත්‍යනුකූල වනුයේ එම ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් පසුව බව එම ගිවිසුම තුළම අන්තර්ගත වන බවද මුදල් අමාත්‍යවරයා සඳහන් කර සිටී.