වතු සේවකයින්ට රුපියල් 50ක රජයේ දීමනාවක්

Picture of අසංක

අසංක

වතු සේවකයින් සදහා රුපියල් 50ක දෛනික දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

වතු සේවකයින් සදහා මේ වනවිට ගෙවීමට එකග වී තිබෙන රුපියල් 750ක වැටුපට අමතරව අදාළ රුපියල් 50 දෛනික දීමනාව රජයෙන් ලබාදෙන බව වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා අද පැවැසීය.

ශ‍්‍රී ලංකා තේ මණ්ඩල ශ‍්‍රවණාගාරයේ මාධ්‍ය හමුවක් අමතමින් ඇමැති නවීන් දිසානායක මහතා මේ බව හෙළිදරව් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.

වතු සේවකයින්ගේ ගැටලුව පිළිබදව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමග අද උදේ සාකච්ඡුාවක් තිබ්බා’ එහිදී වතු සේවකයින්ට රුපියල් 50ක දෛනික දීමනාවක් ඉදිරි අයවැයෙන් ගෙවීමට තීරණය කළා. මෙම රුපියල් 50 දීමනාවක වතු සේවකයන් 1,40,000ක් සදහා ගෙවීමට රජය රුපියල් බිලියන 1.2ක මුදලක් වැය කරනවා. වසරක කාලසීමාවක් ස`දහා මෙම රජයේ දීමනාව වතු සේවකයින්ට ලබාදෙනවා.’

ඉෂාර රත්නකාර