පාර්ලිමේන්තුවේ විදුලි සෝපානවල තත්ත්ව පරීක්ෂණ වාර්තාවක් අදාළ විදුලි සෝපාන සැපයු සමාගම් විසිනි අද (13) කථානාකවරයා වෙත භාරදී ඇත.
අදාළ සමාගමේ නිලධාරීන් පාර්ලිමේන්තුවේ විදුලි සෝපානවල තත්ත්වය හා ක්‍රියාකාරීත්ව පිළිබඳ පුළුල් විමර්ශනයක යෙදීමෙන් අනතුරුව මෙම වාර්තාව සකස් කර ඇත.
පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙකු ඉන් එක් විදුලි සෝපානයක, සිරවීමත් සමඟ එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ගැටලු මතුවිය.
ඒ අනුව කතානායකවරයා තීරණය කළේ, එම විදුලි සෝපාන මිලදී ගත් සමාගමෙන් ඒ පිළිබද තත්ත්ව පරීක්ෂණ වාර්තාවක් කැඳවීමටයි.
මේ අතර ආරක්ෂිත පියවරක් ලෙස මන්ත්‍රීවරුන් වෙනුවෙන් වෙන්කර ඇති විදුලි සෝපානවල වරකට 6 දෙනෙකු පමණක්, ගමන් ගන්නා ලෙසට දැනුම් දීමට හා විදුලි සෝපාන ක්‍රියාකරුවෙකු ඒ සඳහා යෙදවීමට තීරණය කර ඇතැයි, වේත්‍රධාරීවරයා සඳහන් කළේ ය.
පැතුම් වික්‍රමරත්න