කොස්තාපල්ට පහර දුන් එජාප මන්ත‍්‍රීට ඇප

Picture of අසංක

අසංක

පොලිස් මත්ද‍්‍රව්‍ය නාශක කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ රාජකාරි නිල රථයේ ගමන්ගත් පොලිස් කොස්තාපල්වරයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා ඇප මත මුදාහරින ලෙස බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් කීර්ති කුඹුරේහේන අද නියෝග කළේය.

රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප සහ රුපියල් 10,000ක මුදල් ඇප මත සැකකාර මන්ත‍්‍රීවරයා මුදාහරින ලෙස නියම කළ මහේස්ත‍්‍රාත්වරයා සෑම ඉරිදා දිනකම බණ්ඩාරවෙල පොලීසිය හමුවේ පෙනී සිටින ලෙෂ නියෝග කළේය.

සැකකාර මන්තී‍්‍රවරයා නීතිඥවරයකු මාර්ගයෙන් අධිකරණය හමුවට අද ඉදිරිපත් කෙරිණි.

ඉෂාර රත්නකාර