ඇටෝනි බලපත‍්‍ර ආඥා පනත සංශෝධනය කෙරේ

Picture of අසංක

අසංක

ව්‍යාජ ලේඛන ලියා සහතික ඉදිරිපත් වැළැක්වීම, ව්‍යාජ ලේඛන මත ගනුදෙනු සිදුකිරීම වැළැක්වීම යන වංචනික ක‍්‍රියා වැළැක්වීම ස`දහා ඇටෝනි බලපත් ආඥා පනත සංශෝධනය කිරීමට රජයේ අනුමැතිය ලැබී තිබේ.

අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය සහ අභ්‍යන්තර ස්වදේශීය කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවකට මෙලෙස අනුමැතිය හිමිව ඇත.

ඇටෝනි බලපත‍්‍රයක් සහතික කිරීම, ලියාපදිංචි කිරීම, අවලංගු හෝ බලරහිත බව තහවුරු කරගැනීම අදාළ තොරතුරුවල රහසිගත බව සුරැුකීම ආදී කරුණු වඩාත් ඵලදායී අයුරින් සිදුකළ හැකි වන පරිදි ඇටෝනි බලපත‍්‍ර ආඥා පනත සංශෝධනය කිරීමට මෙලෙස අනුමැතිය ලැබී තිබේ.

ඉෂාර රත්නකාර