ශ්‍රී ලංකා රුපියලේ අගය මෙම දෙසැම්බර් මස මුල් සති දෙක තුලද කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගෙන ඇති බව වාර්තාවේ.
ඒ අනුව දෙසැම්බර් මස 13 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 1.0කින් අතිප්‍රමාණය වි ඇති බව මහා බැංකු වාර්තා පෙන්වාදේ.
මීට අමතරව මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, යූරෝ , ඉන්දියානු රුපියල , ජපන් යෙන් , ඇතුළු ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකක කිහිපයකටම සාපේක්ෂව අතිප්‍රමාණය වි ඇත.