ඉරාකයේ අමෙරිකානු තානාපති කාර්යාලයට එල්ල කල ප්‍රහාරයට වන්දි ගෙවීමට ඉරානයට සිදුවනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා සිටී.
මෙම තානාපති කාර්යාලයට පසුගියදා විරෝධතාකරුවන් පිරිසක් කඩාවැදී එල්ල කළ ප්‍රහාරයට ඉරානය වගකිව යුතු බවද ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හරහා චෝදනා කර ඇත.
මෙය අනතුරු ඇඟවීමක් පමණක්නොව තර්ජනයක්ද වන බව අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍මෙහිදී අවධාරණය කර ඇත.
මෙම ප්‍රහාරයට ඉරානය වන්දි ගෙවනු ඇතැයි අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ , එම සියලු චෝදනා ඉරානය ප්‍රතික්ෂේප කළ පසුබිමකදී ය.