නිල ඇඳුම් වව්චර්පත්වලින් දේශපාලකයන්ගේ මුහුණු ඉවතට

Picture of අසංක

අසංක

පාසල් ළමුන්ට නිල ඇඳුම් ලබාගැනීම සඳහා රජයෙන් නිකුත් කරන වව්චර්පත් සඳහා දේශපාකයන්ගේ මුහුණු වෙනුවට මෙවර මෙරට සියලු ජාතීන් නියෝජනය වන දරුවන්ගේ රුව එක්කර ඇතැයි වාර්තා පළවේ.

නිල ඇඳුම් රෙදි වෙනුවට පාසල් ළමුන්ට වව්චර්පත් හඳුන්වා දුන්නේ යහපාලන ආණ්ඩුව මගිනි.

පසුව එම වව්චර්පත් තුළට ජනපති, අගමැති හා අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ මුහුණ එක්කොට තිබුණි.

නමුත් මෙවර නව ජනාධිපතිවරයාගේ පාලනය යටතේ දේශපාලකයන්ගේ රුව ඉවත් කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වීමත් සමග රාජ්‍ය ආයතනවල ජනපති රුව ඉවත් කොට රාජ්‍ය ලාංඡනය පමණක් භාවිත කිරීමට නියෝග කර තිබුණි.