BREAKING NEWS


Share now!

පොලිස් ස්ථානාධිපතිවරු 23 දෙනකුට ස්ථාන මාරු ලබාදීමට ඊයේ (2) රැස්වූ ජාතික පොලිස් කොමිසම තීරණය කළ බව එහි ලේකම් නිශාන්ත වීරසිංහ මහතා ‘ද කලම්බෝ එක්ස්ප්‍රස්’ වෙත සදහන් කළේය.

ඊට අමතරව නියෝජ්‍ය පොලිස්පතිවරු 3 දෙනෙක්, ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරිවරු 3 දෙනෙක්, පොලිස් අධිකාරිවරු 3 දෙනෙක් සහ සහකාර පොලිස් අධිකාරිවරු 7 දෙනකුට ස්ථාන මාරු ලබාදී තිබේ.

නියෝජ්‍ය පොලිස්පතිවරු 3 දෙනා ඉකුත් සතියේ පත්වූ ජාතික පොලිස් කොමිශන් සභාව විසින් ස්ථාන මාරු කරන ලද නිලධාරීන් තිදෙනෙක් බව ඔවුන්ගේ ස්ථාන නැවතත් වෙනස් වූ බවත් ලේකම්වරයා සදහන් කළේය.

ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිමල් පෙරේරා පුත්තලම දිස්ත්‍රික්කයටත්, චන්දන අතුකෝරළ මහතා නුවරඑළිය දිස්ත්‍රික්කයටත්, ඒ. විජේසිංහ මහතා මඩකළපුවටත් මාරුකර යවා තිබේ.