නවතම පුවත්

ඉරානයෙන්ගමන් ඇරඹූ යානයක් 180 දෙනෙකු සමග කඩාවැටේ

අසංක

අසංක

ඉරානයේ, ටෙහෙරාන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ගමන් ආරම්භ කළ යුක්‍රේන ගුවන් සේවයට අයත් පුද්ගලයින් 180 දෙනෙකු රැගත් බෝයිං 737 වර්ගයේ යානයක් කඩා වැටී තිබේ.

කීව් ප්‍රදේශයේ දී මෙම යානය කඩා වැටී ඇති අතර විදෙස් වාර්තා පවසන්නේ ඊට හේතුව කාර්මික දෝෂයක් බවයි.

මෙම අනතුර සිදුවූයේ ඉරාකයේ අමෙරිකානු හමුදා කඳවුරුවලට රොකට් මිසයිල ප්‍රහාර ඉරානයෙන් එල්ල කොට, කුපිත වී සිටින අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වහා ඉරානය දෙසට ප්‍රහාර එල්ල කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කරන පසුබිමකදීය.

ඉරානය එම ප්‍රහාරය එල්ල කළේ තම රාජ්‍යයේ දෙවැනි බලවත්ම පුද්ගලයා වූ හමුදා අණදෙන නිලධාරී ක්වසෙම් සොලෙයිමානි අමෙරිකාවේ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව ඔහුගේ අවමංගල්‍යය සිදුකොට පසුදිනයේ ය.

අමෙරිකානු ජනපතිවරයා විසින් මෙලෙස ඉරාන- අමෙරිකා යුද්ධයකට අරඅදින්නේ තමාට එරෙහිව දේශපාලනික වශයෙන් එල්ල වූ දෝෂාභියෝග ක්‍රියාවලියේ අඩක් අවසන්ව සියලු චෝදනා සම්බන්ධයෙන් ඇඟිල්ල දිගුවී සිටින අවධියකයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්