නවතම පුවත්

නව කොරොනා වෛරසය නිසා විදෙස් ගමන් වලට සීමාවක් අවශ්‍ය නෑ – ලෝක සෞඛ්‍ය සංවිධානය

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

චීනයේ වුහාන් නගරයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරස රෝගය නිසා විදේශ ගමන් බිමන් සඳහා සීමාවක් පැනවීම අවශ්‍ය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

වර්තමාන තත්ත්වය අනුව ශ්‍රී ලාංකිකයින් ද තම ගමන් බිමන් සීමා කිරීමේ අවශ්‍යතාවක් පැන නො නගින බවත් එම අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ මෙම රෝග තත්ත්වය පිළිබඳ ව දැඩි අවධානයෙන් පසු වන බවත් රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් ලංකාවට පැමිණෙන්නේ දැයි හඳුනා ගැනීමට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිහිටි සෞඛ්‍ය ඒකකය දැනුවත් කර අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කර ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙම රෝගය ඇතුළු ස්වසන රෝග වලින් වැළකීමට ගත යුතු පියවර

  • මනා සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු අතර ඒ සඳහා කහින විට හා කිවිසින විට ලේන්සුවකින් මුව ආවරණය කිරීම,
  • දෑත් නිතර සබන් යොදා සෝදා පිරිසිදුව තබා ගැනීම,
  • නිතර මුහුණ හා නාසය ඇල්ලීමෙන් වැළකීම
  • ජනාකීර්ණ ස්ථානයන් හි අනවශ්‍ය ලෙස ගැවසීම අවම කිරීම සුදුසුය.
  • විශේෂයෙන්ම කුඩා දරුවන්, ගර්භනී මව්වරුන් සහ වැඩිහිටියන් අධික තදබදය පවතින ජනාකීර්ණ ප්‍රදේශවල අනවශ්‍ය ලෙස ගැවසීම සහ ගමන්බිමන් යාම අවම කිරීම මගින් මෙම රෝගය පැතිරීම පාලනය කරගත හැකිය. 
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි