නවතම පුවත්

එජාපෙ තීරණාත්මක රැස්වීමක් හෙට

අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණාත්මක රැස්වීමක් හෙට පස්වරු 4.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වේ.


පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙන බවය .


එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් බිහි කිරිමට නියමිත නව සන්ධානයේ ඉදිරි කටයුතු පිළිබඳව එහිදී අවධානය යොමු කෙරෙනු ඇති බවද ඒ මහතා මාද්‍ය වෙත සඳහන් කළේය .

එසේම පසුගියදා නව සන්ධානයේ මහ ලේකම් ධූරය සඳහා නම් කළ රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිවීමට නියමිතව ඇති බව වාර්තා වේ.


ඊට අමතරව පසුගියදා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකත්වය අහෝසි කළ කිහිපදෙනකු නැවත කෘත්‍යාධිකාරී මණ්ඩලයට නම් කිරිමට නියමිතව ඇති බව සඳහන් වේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා