නවතම පුවත්

19න් පහළ යොවුන් ලෝක කුසලානය බංගලාදේශයට – පුහුණුකරු ශ්‍රීලාංකික නවීඞ් නවාස්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

19 න් පහල යොවුන් ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය ඉන්දියාව පරාජය කර ජය ලබාගැනීමට බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමත් විය.

ඒ අවසන් මහා තරඟයේ දී ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඉන්දීය වයස අවුරුදු 19 පහළ කණ්ඩායම කඩුලු 03කින් පරාජය කරමින්. දකුණු අප්‍රිකාවේ පාවෙස් – ස්ට්‍රෝම් හි පැවති මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ යොවුන් කණ්ඩායම ඉන්දියාවට පන්දුවට පහරදීමේ අවස්ථාව ලබා දුන්නේය. 

ඒ අනුව ඉන්දීය කණ්ඩායම පන්දු වාර 47යි පන්දු 02ක් අවසානයේ සියළු දෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 177ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම කඩුළු 07 ක් පමණක් බිඳවැටී තිබියදී සිය ජයග‍්‍රාහී ඉලක්කය පසු කර ගියා. 

බංග්ලාදේශය කුමන හෝ ආකාරයක ලෝක කුසලානයක් දිනූ පළමු අවස්ථාලව මෙය වනවා. ලෝක ශූරයින් වූ බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ ශ‍්‍රී ලාංකික පුහුණුකරුවෙකු වන වීමද විශේෂත්වයක්. 

දකුණු අප්‍රි‍කාවේ පැවැති මෙවර වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියට එක්වූ ශ‍්‍රී ලංකා කණ්ඩායමට පළමු වටයෙන්ම ඉවත්වීමට සිදුවුණා.

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !