නවතම පුවත්

ෆේස්බුක්-යූටියුබ් හරහා මත්ද්‍රව්‍ය ප්‍රචාරණය ඉහළට

අසංක

අසංක

දුම්පානය මෙන්ම මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය ප්‍රචලිත කිරීම සඳහා එම සමාගම් මේ වනවිට “මුහුණු පොත”, “යු ටියුබ්” ප්‍රමුඛ සමාජ මාධ්‍ය පුළුල් ලෙස උපයෝගී කරගන්නා බවට සාෂි සහිතවම තහවුරු වී ඇති බව දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රය අනාවරණය කර සිටී.

මෙම තත්වය ශ්‍රී ලංකාව තුල මෙන්ම දකුණු ආසියානු කලාපය තුලද දක්නට ඇති බවත් මෙම ප්‍රචාරණයන් වැලැක්වීම සඳහා අවශ්‍ය පියවරයන් ගැනීමට තම ආයතනය උපරිම උත්සාහයන් ගනිමින් සිටින බවත් දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ වෛද්‍ය මහේෂ් රාජසූරිය මහතා අවධාරණය කර සිටී .

රාජසූරිය මහතා මේ බව සඳහන් කලේ දකුණු ආසියානු කලාපීය දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රයේ තොරතුරු ද්වාරය ජනගත කිරීම නිමිත්තෙන් පසුගියදා කොළඹ ජානකී හෝටලයේ පැවති විශේෂ උත්සවයකදීය .

භූතානය , ඉන්දියාව , නේපාලය , පකිස්තානය , බංගලිදේශය මාලදිවයින යන රටවල් නියෝජනය කරමින් , තාක්ෂණික නියමුවන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූ අතර , ඔවුන් දුම්කොළ කර්මාන්තයට අදාලව තම රටවල අත්දකීම් හා අධ්‍යයයන ප්‍රතිඵල සභාව හමුවේ ඉදිරිපත්කළහ.

සමාජ මාධ්‍ය හරහා දුම්කොළ , මත්පැන් මත්ද්‍රව්‍ය ප්‍රචාරය කිරීම් පාලනය කිරීමට දැනට පවතින් නීති රීති ප්‍රමාණවත් නොවන බවද රාජසූරිය මහතා මෙහිදී සඳහන් කළේය .

විශේෂයෙන් මුහුණු පොත තුල මත්පැන් හා දුම්වැටි ප්‍රචාරය කරන පිටු හා ගිණුම් රැසක් පවතින බවද ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසීය .

මෙහිදී දකුණු ආසියානු කලාපීය රටවල් නියෝජනය කරමින් පැමිණි නියෝජිතයන්ද තම රටවල් තුල සමාජ මාධ්‍ය හරහා සිදුකෙරෙන මෙම ප්‍රචාරණයන් පිළිබඳව අත්දැකීම් සභාවට ඉදිරිපත් කළහ

දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රය සිය ක්‍රියාකාරකම් දකුණු ආසියානු කලාපය පුර ව්‍යාප්ත කිරීම සඳහා කලාපීය ව්‍යහයක් වන දකුණු ආසියානු කලාපීය දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රය දියත් කර ඇත. කලාපීය රටවල දුම්කොළ කර්මාන්තයෙ ක්‍රියාකාරකම් හා මැදිහත් වීම් අධීක්ෂණය කිරීමට පුද්ගලයින් හා ආයතන එකිනෙකා සම්භන්ධ කිරීම මෙම කේන්ද්‍රය හරහා සිදුවේ.

මෙම අවස්තාව සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය චන්ද්‍රිකා විජයරත්න මහත්මිය දුම්කොළ හා මධ්‍යසාර පිලිබඳ ජාතික අධිකාරියේ හිටපු සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීතාධිපතිනි මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය ටුබැකෝ අන්මාස්ක්ඩ් වෙබ් අඩවියේ සංස්කාරක වෛද්‍ය මනුජා පෙරේරා යන මහත්ම මහත්මීන් පිරිසක්ද එක්විය .

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි