යෝජිත මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම අත්සන් නොකිරීමට රජය තීරණය කර තිබේ.
ගිවිසුම සංශෝධනය කිරීමට අමෙරිකාව සමග සාකච්ඡා කිරීමට රජය සූදානම් බව සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
MCC ගිවිසුම සම්බන්ධයෙන් සළකා බැලීමට පත් කළ කමිටුවේ අතුරු වාර්තාව අග්‍රාමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි.