කොරෝනා වෛරසය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ගණන් මේ වනවිට අඛණ්ඩ ඉහළයාමක් වාර්තාකරමින් ඇත.
කොරෝනා වෛරසය පැතිරයාමත් සමග ආයෝජකයන් වැඩි වශයෙන් රත්‍රං මිලදී ගැනීමට පෙළඹීම ඊට බලපා ඇති බව ආර්ථික විශේෂඥයින් පවසති.
ඒ අනුව ලෝක වෙළෙඳපෙළේ රත්‍රං අවුන්සයක මිල අද දින වනවිට අමෙරිකානු ඩොලර් 1586.45 ක් ලෙස සටහන් කර තිබිණ.
දේශීය වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් 71,950 ක් ලෙස වන අතර කැරට් 24 ක රන් පවුමක මිල රුපියල් 78,500 ක් වේ.
වෙනත් මුදල් ඒකකවලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය දුර්වලවීමද මෙම තත්වයට ප්‍රධාන හේතුවක් වී ඇත.